Monday, 30 April 2012

දුක

මම ජීවත් වෙච්ච කෙනෙක් නෙමේ.....
ජිවත් වෙන්න පටන් ගත්තේ ඔයා ලගට ඇව්ල්ලයි..
මම අතමිට මොලව ගත්තේ ඔයාගේ ආදරයයි...
වේදනාව පහුරු ගගා පපුව තුවාල කලේ ඔබේ ආදරයයි.......
කපුරු පෙති පපුව උඩ පත්තු කරලා වැන්දත් දෙවියන් බලන්නේ නැ...
සැනසිම එක කලං දෙකක්වත් නැතුවයි මම ජීවත් උනේ.....
හිනා වෙලා හිටියට ගැහැණු ආත්මයක් හිතින් අඩනවා....
ගැහැණියක්  උපතින්ම පාරාදයි කියලා මම අහලා තියෙනවා....
ඒත් ඒ කතාව ඇත්තමද කියන්න මම දන්නේ නෑ.....
ඒ උනාට ගැහැණියක් වැඩියෙන්ම රැවටෙන්නේ ආදරේට......
විදවන්නේ පිරිමයෙක්ට....
ඒකනම් ඇත්ත කියලා මම දන්නවා..........

Sunday, 29 April 2012

--හමුවිම...වෙන්විම--

----අපි කවදාවත් හමුවෙලා නෑ.....
කවදාවත් හමුවන එකකුත් නෑ....
ඒත් අපි හැමදාමත් හමුවෙලා තියෙනවා වගේ මට දැනෙනවා...
මේ අද උදෙත් හමුවුනා වගේ මට දැනෙනවා.........
මගේ ජීවිතේ හරි හැගිමි බර තැනක ඔයාට ඉන්න පුලුවන් වුනා.......
ඒ ගැන මට සතුටුයි........
ඒත් ඔයාගේ ජිවිතයේ ඒ හැගිමි බර තැන මට ඉඩ නැති වුනා....
ඒ ගැන මට දුකයි.............
හිත් වල හැගිමි බර තැන්වල ඉන්න කොට පස්ණ ඇති වෙනවා....
බැන ගන්නවා...රණ්ඩු ඇතිවෙනවා...චෝදනා කරනවා...ඒත් දලා යන්නේ නෑ..........
ඇයි කියන්න දන්නේ නෑ............
---------------- ජීව්තය හෙමිහිට ගලාගෙන යනවා......
දුක වැඩියෙන් සැප අඩුවෙන් බෙදන දෛයිවයක අපි ජීවත් වෙනවා...........
මමත් හැමදේම දරාගෙන ජීවත් වෙනවා.............
පුංච් පුංච් හින ඇතුලේ බලාපොරොත්තු පණ ගහනවා....
ඒත් මේ හමුවිමේ අවසානය වෙන්විමනම් ඔයා වෙන්වෙන්න.....
ඔයාට ඕනෙමනම් වෙන්වි යන්න.....
මාව දලා යන්න......
මට හරි ලෝභයි මෙහෙම කියනකොටත්..........
අපි හමුනොවුනත් මේ බැදිමේ රස්නය මට දැනෙනවා.......
ඒත් මේ ආදරය,,මේ හමුවිම මට විතරක් අයිති නෑ.......
ඒක ඔයාටත් අයිතියි.....
ඒත් මට වගේ ඔයාට ඒ ගැන කැක්කුමක් නැ කියලත් මම දන්නවා.........
දැනගෙන හුගක් කලුත් වෙනවා.............
ආයෙත් මම කියනවා ඔයාට යන්නම ඕනෙනම් යන්න........
මේ බැදිමට තිත තියලා ඔයා යන්න..පස්ණයක් නෑ......
මගේ හදවත සනසන්න පිරිමදින්න බැරි දෙයක්,, මම මගේ ජීවිතේ පැත්ත පලාතකවත් තියාගන්න මං කැමතිත් නෑ...........
ඒ නිසා  ඔබ යන්න----------

Saturday, 28 April 2012

''''---ඔයයි මමයි---'''

-------හිමිදිරි පාන්දරක
         මං.....දැක්ක ලස්සනම දසුන.....
පුංච් පිණි බිංදුවකට...
ආදරේ කරන රෝස මලක්........
           අනේ..බලාගෙන
තව ටිකකින් ගිනි ගහන මද්දහන
           ඔයාලව වෙන් කරයි........
කොහොම පරිස්සමි කරලා.....
       එකතු කරන්නද........
  පිණි බිදුවයි.....රෝස මලයි
හරියට ඔයයි මමයි වගේ.....
     ඔයා පිණි බිදුවක්.....
මං රෝස මලක්.......
ගිනි ගහන මද්දහන වුනේ.........
      මේ නපුරු සමාජය-------

--ආදරයට කරුණාවයි--

ආදරේට කරුනාවයි මගේ මේ පුංචි හිත.......
ඒක තේරුම් ගන්න බැරි ඇයි ඔය හිතට......
ආදරයෙන් කියා දෙන්න වැරදි හදාගන්නමි මම.....
එපා රිදවන්නට ගතවෙන පැය විසි හතරම........
--------එක පාරක් හිනාව දෙන්න---------
          දහ පාරක් අඩන්නමි
--------එක පාරක් ආදරේ දෙන්න---------
          සිය පාරක් මාව නැති කරගන්නමි

Friday, 27 April 2012

෴*චතු *෴ [chathu dreams]: --මාගේ සිහිනය--

෴*චතු *෴ [chathu dreams]: --මාගේ සිහිනය--: ඇත් දළ පාට ඔසරියක් ඇදලා.. පුංච් නළල් පටකුත් දාලා.. මාල හතකුත් දාන්න හීන මැවිවා තමයි... ඒත් මේ දුප්පත් කෙල්ලට ඒ හීන හීනයක්ම විතරක් වුනා...

--මට කියාදෙන්න ඇයි මෙතරමි ආදරෙ මට--

ඇයි කියන්න...මට මේ තරමි ආදරේ කරන්නේ කියලා......
ඇයි කියන්න...මාව දලා යන්නේ නැත්තේ කියලා.....
මුලු ලොකේම එක  අතක් වෙලා මාව අඩවනකොට.....
ඇයි කියන්න...ඔයා විතරක් මාව සැනසුවේ
මං වගේ කාලකන්නි කෙල්ලෙකුට ඇයි ඔයා ආදරේ කලේ....
මට කියන්න....ඇයි කියන්න.....
-----සංසාරේ මතක සැමරුම් අරන් සිත ලගට එන විට.....
      මං ගාව නැවතිලා නොදැනිම මගේ ඇස් දෙක.......
      පෙමි සිහිනවලට ලං වූ හැටි ඔබේ ඔය සිත........
     මට කියා දෙන්න ඇයි මෙතරමි ආදරේ මට-----

Thursday, 26 April 2012

බලාපොරොත්තු.......

------ජීවිතයේ හොදම අය එද්දි
       ටිකක් පරක්කු වෙනවා........
ඇස් ටිකක් දනවා........පපුව ඊට වඩා දනවා.......
   ඒත්......එයා දවසක එනවමයි......
ඒ නිසා බලාපොරොතුව...විශ්වාසය ඇති තර ගන්න.....
      

--මාගේ සිහිනය--


ඇත් දළ පාට ඔසරියක් ඇදලා..
පුංච් නළල් පටකුත් දාලා..
මාල හතකුත් දාන්න හීන මැවිවා තමයි...
ඒත් මේ දුප්පත් කෙල්ලට ඒ හීන
හීනයක්ම විතරක් වුනා තමයි...
හැමදාම හැන්දෑවට..ඔයා සරමක් ඇදගෙන..
දොරකඞ වාඞි වෙලා ඉන්නවා...
අනේ මට හීනෙනුත් පේනවා..
මං බුදු පහන දල්වලා....
තෙල් චුට්ටක් අත්ලට අරගෙන..ඔයාගේ හිසේ ගානවා..
හීනෙන් ඇහැරිලා බලද්දී...
අනේ මං අත ගාන්නේ මගේ කොට්ටය..
ජීවිතේ භාවනාවක්නම් රත්තරං..
මේ දුක මං කමටහටක් කර ගන්නම්...
ඔබ බුදු වන දාක ආත්මයක..
ඔබට කිරිපිඞු පිලිගන්වන්නට..
සුජාතාවක් වී මමම එන්නම්....
 —